නිවාඩු නිමවී එන ඔබ වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත සේවා ස්ථාන කරා පැමිණීම පහසු කිරීම වෙනුවෙන් අද (18) සහ හෙට (19) යන දෙදින තුළ විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. විශේෂයෙන්ම අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත යන දුම්රිය ස්ථානවල සිට කොළඹ බලා පැමිණෙන මගීන් වෙනුවෙන් මෙම අතිරේක දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වේ.​නිවාඩු කාලය අවසානයේ දුම්රියන් තුළ ඇතිවිය හැකි අධික තදබදය අවම කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව ඉහත සඳහන් කළ ප්‍රධාන නගරවලින් ගමන් ආරම්භ කරන මෙම දුම්රියන් දෙදින පුරාම ධාවනය වන බැවින්, මගීන්ට තමන්ට පහසු වේලාවන් තෝරාගෙන ආරක්ෂිතව සහ සුවපහසුවෙන් සිය ගමනාන්ත කරා ළඟාවීමට අවස්ථාව සැලසේ.

What's your reaction?

Related Posts

1 of 1,101

Leave A Reply

Your email address will not be published. Required fields are marked *