හවස් වරුවේ වැසි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අපරභාග 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු පළාත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි බලාපොරොත්තු විය හැකි අතර, සෙසු ප්‍රදේශවල පවතින්නේ වියළි කාලගුණයකි. මීට අමතරව මධ්‍යම, ඌව සහ සබරගමුව ඇතුළු දිස්ත්‍රික් කිහිපයක උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබෙනු ඇත. වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.​ලබන 20 වනදා සිට දිවයිනේ වායුගෝලීය තත්ත්වයේ වෙනසක් සිදුවන බැවින්, බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද වාර්තා වේ. පවතින වියළි ස්වභාවය ක්‍රමයෙන් පහව යමින් දිවයින පුරා වැසි සහිත කාලගුණයක් ඉදිරි දිනවලදී වර්ධනය වනු ඇත. එබැවින් අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,101

Leave A Reply

Your email address will not be published. Required fields are marked *