මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කරමින් දේපල මිලදී ගත් බව කියන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නිවාස සහ ඉඩම් කිහිපයක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් තහනමට ලක් කර තිබේ. සැකකාරිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.මෙහිදී උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි පර්චස් 20ක ඉඩමක ඉදිකළ රුපියල් කෝටි 5ක් වටිනා දෙමහල් නිවසක් සහ වත්තල, නුගපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 70ක් වටිනා තවත් නිවසක් සහ කඩ කාමරයක් මෙලෙස විමර්ශකයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාළ දේපලවල හිමිකම් සහ ගනුදෙනු දින 7ක කාලයකට අත්හිටුවීමට නියෝග කර ඇත.දේපල තහනම් කිරීමේ නියෝගය නිකුත් කරන විටත් අදාළ සැකකාරිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ. ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ වන විට පුළුල් මට්ටමින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.























