නුවරඑළියේ කාන්තා ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

නුවරඑළිය පොලිස් වසමේ මාගස්තොට ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක් තුළදී කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය නොවැම්බර් 10 වැනිදා සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.​සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ (12) රාත්‍රී කාලයේදී නුවරඑළිය බස් නැවතුම්පොළ අසල රැඳී සිටියදී මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.​අත්අඩංගුවට ගත් සැකකරු තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 1,420

Leave A Reply

Your email address will not be published. Required fields are marked *