පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි කෙරෙන නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පාතහේවාහැට ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ජනතාව මන්ත්‍රීවරයෙකු පත් කරන්නේ අදාළ පක්ෂය සහ එහි ප්‍රතිපත්ති දෙස බලා බැවින්, පක්ෂ නායකයා සමඟ ඇතිවන ගැටලු මත පක්ෂය මාරු කිරීම සාධාරණ නොවන බවයි.වත්මන් මාලිමා රජය විසින් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ නම් එය බෙහෙවින් අගය කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා. රජය යම් අස්ථාවරත්වයකට ලක්වෙමින් පවතින බව දැනෙන වකවානුවක හෝ මෙවැනි ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බවයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.



























