දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව පළාත් ඇතුළු ඉහත සඳහන් කළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.මේ අතර, දිවයින පුරා පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් හමන තද සුළං ද විටින් විට ඇති විය හැක. වැසි සහිත කාලගුණයත් සමඟ සුළගේ වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ද වාර්තා වේ.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



























