ප්‍රංශයේ හෙක්ටයාර දහසකට වඩා ලැව්ගිනිවලින් විනාශ වෙයි

දකුණු ප්‍රංශ ප්‍රදේශය පුරා දරුණු ලෙස පැතිර යන ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 1,000කට වැඩි භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.​මෙම හදිසි අනතුරුදායක තත්ත්වය හමුවේ අවදානමට ලක් වූ ප්‍රදේශවල වාසය කළ පුද්ගලයින් 500කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා ගිනි නිවන භටයින් 500ක පමණ සංඛ්‍යාවක් යොදවා තිබේ.​මේ වන විට ලැව්ගිනි හටගැනීමේ දැඩි අවදානමක් පවතින බවට ප්‍රංශයේ කලාප 75ක් ආවරණය වන පරිදි විශේෂ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද බලධාරීන් කටයුතු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 906

Leave A Reply

Your email address will not be published. Required fields are marked *