පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩට අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි. එහිදී නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් විත්තිය විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කර තිබේ.මීට පෙර පළමු විත්තිකරු විසින් සිදු කරන ලද බලපෑම් මත තමන්ට සාක්ෂි වෙනස් කිරීමට සිදුවූ බව සිව්වන සාක්ෂිකරු මෙහිදී අධිකරණය හමුවේ හෙළි කර ඇත.මෙම නඩු විභාගය ලබන 16 වන දින දක්වා කල් තැබුණු අතර, එදිනට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු කැඳවීම සඳහා නොතීසි නිකුත් කර තිබේ.

























