එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ නම් යුද නෞකාව සිය මෙහෙයුම් සහ සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව කොළඹ වරායෙන් පිටත්ව ගොස් තිබේ.පසුගිය 07 වන දින දිවයිනට පැමිණි මෙම නෞකාව, ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් සැපයුම් සේවා ලබා ගත්තේය.නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව ඊට සමුදීම සිදු කරන ලදී.


























