ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කෙරේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩසිටින විශේෂ කුටියට ඉහළින් ඉදිකර ඇති රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (20) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කෙරිණි. 1987 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පූජා කරන ලද මෙම රන් වියන, කාලයත් සමඟ අවපැහැ ගැන්වීම හේතුවෙන් මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි 2025 වසරේදී යළි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ විය.​දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන්, විශ්ව පාරමී පදනමේ සහ තායිලන්තයේ වට් මාප් ජෑන් විහාරස්ථානයේ අනුග්‍රහය ඇතිව කැරට් 24 රන් භාවිත කරමින් මෙම නවීකරණ කටයුතු සිදු කර තිබේ. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ දියවඩන නිලමේවරයා ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,432

Leave A Reply

Your email address will not be published. Required fields are marked *