දකුණු, නැගෙනහිර පළාත් සහ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි පතිත වීමේ හැකියාවක් පවතී. මීට අමතරව සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද නිරීක්ෂණය විය හැක.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒ මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

























