දිවයිනේ ප්‍රදේශ රැසක පස්වරු කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් මෙන්ම කුරුණෑගල සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පස්වරු 1.00 න් පසුව මෙලෙස වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි පතිත විය හැකි අතර, සබරගමුව, මධ්‍යම, ඌව, කුරුණෑගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



























