අභාවප්‍රාප්ත ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ මහයියාව පොදු ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය. පසුගිය 31 වැනිදා අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 85 වැනි වියේ පසුවිය.මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විජේනායක මහතා, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස මෙන්ම 1988 මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළේය. තවද 2016 දී පත්කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ධුරය හෙබවූයේ ද ඒ මහතාය.මහනුවර නුවරපුර පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්වූහ.



























