ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව, වයඹ පළාතට වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් දැකගත හැකි වේ.​මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.​ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ අංශ ජනතාවට විශේෂයෙන් මතක් කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,294

Leave A Reply

Your email address will not be published. Required fields are marked *