ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අද දිනයේ විටින් විට වැසි අපේක්ෂා කෙරේ. මෙහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මීට අමතරව, ඌව පළාතේ සහ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​දිවයිනේ බහුතරයක් පළාත් ආවරණය වන පරිදි තද සුළං තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැක. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් විටින් විට තද සුළං හමා යා හැකිය.​ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට සිහිපත් කරයි. අහිතකර කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවන්හිදී අදාළ ආරක්ෂිත උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,212

Leave A Reply

Your email address will not be published. Required fields are marked *