බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉදිරි පැය 24 තුළ මෙය තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමට නියමිතය.ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහ හේතුවෙන් නිරිතදිග කලාපයේ වැසි සහිත කාලගුණය අඛණ්ඩව අපේක්ෂා කෙරේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ සහ උතුරු-මැද ඇතුළු ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සහ අකුණු උවදුරු සම්බන්ධයෙන් ජනතාව දැඩි සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටී.



























