ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය දිවියෙන් සමුගනී

මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී හා විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වූ දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 91 වැනි වියේ පසු වූ ඇය, කළුබෝවිල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු තහවුරු කළහ.​දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් කිහිපයකම නර්තන ආචාර්යවරියක ලෙස දිගුකාලීන සේවයක් ඉටු කර ඇති ඇය, දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ට උඩරට නර්තන කලාව දායාද කළ විශිෂ්ට ගුරුවරියකි. ප්‍රවීණ විරිදු ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ භාර්යාව වූ ඇය, අද වන විට කලා ක්ෂේත්‍රයේ දැවැන්තයන් බවට පත්ව සිටින බොහෝ ප්‍රවීණ කලාකරුවන්ගේ මූලික ගුරුතුමිය ලෙසද හැඳින්විය හැක.​කලා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ දයා නෙල්ලම්පිටිය මහත්මියගේ අවසන් කටයුතු හෙට (15) දින සිදු කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *