ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ ගායක හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 64 වන වියේ පසුවූ අතර, ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 80-90 දශකවල අතිශය ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පියෙකි. ප්‍රසිද්ධ ගායක මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු, තවත් ගායකයෙකු වන චලක චමුපතිගේ සහෝදරයා ද වේ.​පිය උරුමයෙන් ලද දායාද මෙන්ම “රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ”, “සිහින දෙව්දුවේ”, “පිස්සු විකාරේ”, “අගාධ සාගරයේ” සහ “පෙර ආත්මයක එක රාත්‍රියක” වැනි ජනප්‍රිය ගීත රැසකින් ඔහු ශ්‍රාවක හදවත් දිනා ගත්තේය. සංගීතයට අමතරව සිනමාවට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටද දායක වෙමින් රංගන ශිල්පියෙකු ලෙසද ඔහු තම ප්‍රතිභාව පෙන්නුම් කර තිබේ.​මහජන ගෞරවය සඳහා ඔහුගේ දේහය අද (02) බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතය. පවුලේ සාමාජිකයන් සඳහන් කළ පරිදි, ප්‍රියංකර පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (03) සිදු කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,312

Leave A Reply

Your email address will not be published. Required fields are marked *