පාන් අලෙවි කරන සියලුම වෙළෙඳුන් සහ බේකරි හිමියන් විසින් පාන්වල නිසි බර ප්රමාණය පාරිභෝගිකයන්ට පැහැදිලිව පෙනෙන පරිදි ප්රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටී. රෙගුලාසිවලට අනුව සම්පූර්ණ පාන් ගෙඩියක සම්මත බර ග්රෑම් 450ක් විය යුතු අතර, පාන් භාගයක බර ග්රෑම් 225ක් ලෙස පවත්වා ගත යුතුය.නිශ්චිත ප්රමිතීන්ට වඩා බරින් අඩු පාන් අලෙවි කරන වෙළෙඳුන් සහ ආයතන හඳුනා ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය දින කිහිපය තුළ පුළුල් වැටලීම් මාලාවක් ක්රියාත්මක කර ඇත. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සහ වෙළඳපොළ තුළ සාධාරණ තරඟකාරීත්වයක් පවත්වා ගැනීම අරමුණු කරගනිමින් ඉදිරියටත් මෙවැනි නීතිමය ක්රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බව බලධාරීහු පෙන්වා දෙති.


























