අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 1983 කළු ජූලි සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීමටත්, පීඩාවට පත් පිරිස්වලට සහන සැලසීමටත් විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව අද දින ඉදිරිපත් කිරීමට නියමිතය.ඊට අමතරව මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට වන බලපෑම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ද පැවැත්වේ. කෙසේ වෙතත්, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර නැවත භාරදී නොමැති බැවින් එය අද දිනයේ විවාදයට නොගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.



























