පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තු මහා සභාව අද (22) පූර්වාභාග 9.30 ට රැස්වීමට නියමිත අතර, දවසේ මුල් භාගය මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ සිදුකෙරෙන විශේෂ ප්‍රශ්න කිරීම් වෙනුවෙන් වෙන් කර තිබේ. ඒ අනුව පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, ඉන් අනතුරුව පෙරවරු 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න සඳහාත් කාලය වෙන්කර ඇත. ඉන්පසුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා වන දීර්ඝ කාලසීමාව වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත වූ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි.​මෙහිදී අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, එස්.සී. මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන මහත්වරුන් සමාජයට සහ දේශපාලනයට සිදුකළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් ශෝක ප්‍රකාශ යෝජනා සභාගත කිරීමට නියමිතව ඇත. මෙම ශෝක ප්‍රකාශයන්ගෙන් අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමෙන් පසු අද දින සඳහා පාර්ලිමේන්තු කටයුතු නිමාවට පත්වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,153

Leave A Reply

Your email address will not be published. Required fields are marked *