පාසල් සිසුන්ට අත්‍යවශ්‍ය වන අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් සඳහා 2027 අයවැය හරහා බදු සහන ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ඉහළ යන ජීවන වියදම හමුවේ දෙමාපියන්ට දැරීමට සිදුවන ආර්ථික බර සැහැල්ලු කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.ඒ අනුව, පාසල් අභ්‍යාස පොත්, ලිපිද්‍රව්‍ය මෙන්ම අනෙකුත් අධ්‍යාපනික උපකරණ සඳහා වර්තමානයේ පවතින බදු ක්‍රමවේදය දැඩි ලෙස සමාලෝචනය කරන ලෙස හෙතම ඉල්ලා සිටියි. ඊට අමතරව, දරුවන්ගේ සෞඛ්‍යය සහ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය වන දේශීය කිරි, බිත්තර, ළදරු ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පවතින වැට් (VAT) බදු ඇතුළු බදු ඉවත් කිරීමට හෝ සහන දීමට කටයුතු කරන ලෙස එම ඉල්ලීමේ සඳහන් වේ.අඩු හා මධ්‍යම ආදායම් ලබන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන වියදම් ඉහළ ගොස් ඇති වර්තමාන පසුබිමක මෙම සහන ලබාදීම ඉතා වැදගත් වනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, මෙය පාර්ශ්වීය ඉල්ලීමක් පමණක් වන අතර රජය විසින් මෙතෙක් මේ සඳහා නිල වශයෙන් බදු සහන ලබාදීමට තීරණය කර ඇති බවක් තහවුරු වී නැත.

























