පාස්කු ප්‍රහාර නඩුව: විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 220ක සිරදඬුවම්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවකට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින්, වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැඳවා තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකිරීමේ මෙම අපරාධයට අදාළව, නඩුවේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම හේතුවෙන් මෙම දැඩි දඬුවම් හිමිවිය.​කෙසේ වෙතත්, මෙම නඩුවට සම්බන්ධව චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් 9 දෙනෙකු සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය. තවද, තවත් විත්තිකරුවකුට එල්ල වී තිබූ චෝදනාවකින් කොටසක් සහ 10 වන විත්තිකරුට එරෙහි එක් විශේෂිත චෝදනාවක් හැර අනෙක් සියලු චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බව තීන්දු කෙරිණි. නඩුව විභාග වන අතරතුර එහි 17 වන විත්තිකරු බන්ධනාගාරගතව සිටියදී මියගොස් තිබිණි.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *