පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුළ ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශවල නිරිත දෙසින් හමා එන සුළංවල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක් ගනු ඇත.මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, හලාවත සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළබඩ මුහුදු ප්රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකින් ඉහළ යාමට ඉඩ ඇති බැවින්, එම මුහුදු සීමාවන් වෙත යන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.


























