බුත්තලදී ඇත් දළ කොටස් සහ අලි කෙඳි සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

වන අලි සතු සටහන් සහ අංග නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බුත්තල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත ඊයේ (9) දිනයේ බුත්තල නගරයේදී මෙම විශේෂ වැටලීම සිදු කර තිබේ.​මෙම මෙහෙයුමේදී සැකකරු සතුව තිබී ඇත් දළ කොටස් 11ක්, එම දළ කොටස්වලින් නිම කරන ලද අත් පළඳනාවක් සහ අලි කෙඳි 29ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී ලෙස වනජීවී කොටස් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 67ක් වයසැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.​අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *