ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ කිසිදු දිනක ‘පෙරහැර’ අත්හිටුවීම පිළිබඳ සාකච්ඡා යළි මතු නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. වාර්ෂික මහනුවර ඇසළ මහා පෙරහැර සාර්ථකව නිමවීම සහතික කරන පෙරහැර සන්දේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ පෙරහැර සාර්ථකව අවසන් වූ බව තහවුරු කරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මෙම සන්දේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී. පෙරහැරට සහභාගී වූ කලාකරුවන්ට ත්‍යාග සහ සම්මාන ප්රදානය කිරීම, ඇසළ පෙරහැර භාරය මඟින් පිතිසර දේවාල වෙත මූල්‍ය ආධාර ලබා දීම සහ ‘පූජනීය දළදා සංස්කෘතිය’ කෘතියේ පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහා නාහිමිවරුන්
පෙරහැර අත්හිටුවීමේ සාකච්ඡා දේශපාලන වේදිකාවේ යළි මතු නොවිය යුතුයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
සහ මහා සංඝරත්නයට කෘතඥතාව පළ කළ ජනාධිපතිවරයා, දළදා පෙරහැර ප්රමුඛ රටේ පෙරහැර උත්සව ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීමට අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළේය. එසේම, රට මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා සාම්ප්‍රදායික කලා සංගම් සුරකිමින් රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රබල සංස්කෘතික පුනර්ජීවනයක අවශ්‍යතාව ඔහු පෙන්වා දුන් අතර, මත් උවදුරට එරෙහිව දැඩි සටනක් දියත් කරමින් මානවීය සබඳතා සහ සංස්කෘතික උරුමයන් කේන්ද්‍ර කරගත් නව සමාජ වටිනාකම් පද්ධතියක් ඇති කළ යුතු බවද ප්‍රකාශ කළේය.



























