පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර දිනපතා ගමන් ගන්නා පාසල් සිසුන් ඇතුළු මගී ජනතාවගේ ගමනාගමන පහසුකම් තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ලබන සඳුදා (12) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව දුම්රිය සේවාව ඇරඹීමට සැලසුම් කර ඇත.මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණි අතර, ඉන් අනතුරුව ක්‍රියාත්මක කළ පිළිසකර කිරීම්වලින් පසු රඹුක්කන සහ ගම්පල අතර දුම්රිය ධාවනය පසුගිය 02 වනදා සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැනුණි.දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර, ඊට සමගාමීව දෛනිකව ගමන් බිමන් යන මගීන්ගේ සහ පාසල් දරුවන්ගේ දැඩි ප්‍රවාහන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම නව දුම්රිය කාලසටහනට ඇතුළත් කර ඇත.

























