පොලිස් නිලධාරීන්ගේ වසර 5ක උසස්වීම් ගැටලුවට වත්මන් රජයෙන් කඩිනම් විසඳුම්

දිගු කලක් තිස්සේ ප්‍රවේගවත්ව පැවති පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. වසර පහකට අධික කාලයක් මුළුල්ලේ අතපසු වී තිබූ මෙම උසස්වීම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සහ කලාපීය ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදීය.​පොලිස් සේවයේ ගුණාත්මකභාවය සහ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් රජය මේ වන විටත් සාධනීය පියවර රැසක් ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව දිවයින පුරා විසිරී ඇති පොලිස් ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත්, පවතින අඩුපාඩු අවම කරමින් පොලිස් සේවය නවීකරණය කිරීමටත් රජය විසින් විශාල ප්‍රතිපාදන මුදලක් වෙන් කර තිබේ.​මීට අමතරව, පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන මානව සම්පත් හිඟය පියවීම සඳහා ද නව සැලසුම් ක්‍රියාත්මකය. ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සැකසීම වෙනුවෙන් අලුතින් පොලිස් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට සාර්ථකව දියත් කරමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *