අධිබලැති හොර යතුරුපැදි ජාවාරමක් අතුරුගිරියෙන් හසුවේ

විදෙස් රටවලින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද, නිසි බලපත්‍ර නොමැති අධි බලැති යතුරුපැදි දෙකක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. නීතිවිරෝධී ලෙස වාහන එකලස් කිරීම සහ හොර රහසේ වාහන ගෙන්වීමේ ජාවාරම් මැඩලීම සඳහා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.​මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (16) අලුයම විශේෂ වැටලීමක් දියත් කර තිබුණේ අතුරුගිරිය මිලේනියම් සිටි (Millennium City) නිවාස සංකීර්ණ පරිශ්‍රයේදීය. එහිදී අදාළ සැකකරු සමඟ නීතිවිරෝධී යතුරුපැදි දෙක ද පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබේ.​මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සහ මෙරටට වාහන ගෙන්වූ ආකාරය පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 1,145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *