පොසොන් උත්සවය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

පොසොන් උත්සවය නිමිත්තෙන් ආරම්භ කරන ලද විශේෂ ප්‍රවාහන සේවා කටයුතු අද (30) දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අනුරාධපුරය සහ මිහින්තලය වන්දනාමාන කර පැමිණි බැතිමතුන්ට නැවත සිය ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.​ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යන ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. මේ යටතේ අනුරාධපුරය සහ මිහින්තලය සිට කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් දක්වා බස් රථ ගමන් වාර සංඛ්‍යාව වැඩිකිරීමට ලංගමය පියවර ගෙන ඇත.​මීට අමතරව, සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතරව බැතිමතුන්ගේ පහසුව සඳහා අතිරේක දුම්රිය කිහිපයක්ද ධාවනයට එක් කර තිබේ. වන්දනා ගමන් නිමා කර නැවත නිවෙස් බලා යන බැතිමතුන් වෙත ප්‍රවාහන පහසුකම් කිසිදු බාධාවකින් තොරව ලබා දීම සඳහා මෙලෙස විශේෂ සේවාවන් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,212

Leave A Reply

Your email address will not be published. Required fields are marked *