බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් තීව්ර වී සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.ශ්රී ලංකාවට මෙහි සෘජු බලපෑමක් නොමැති වුවද, දිවයින හරහා ක්රියාත්මක වන සුළං ප්රවාහයන් හේතුවෙන් නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැක. ඒ අනුව උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ ප්රදේශ කිහිපයක තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.



























