මත්ද්‍රව්‍ය ජාවාරම් මුදලින් දේපළ ඉපැයූ ‘පොඩ්ඩි’ අත්අඩංගුවට

​මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අයථා ලෙස උපයාගත් මුදල් භාවිත කරමින් වත්කම් සහ දේපළ අත්පත් කරගැනීමේ චෝදනාව මත කාන්තාවක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ‘පොඩ්ඩි’ නමැති කාන්තාවකි.​ඇයට එරෙහිව 2021 වසරේදී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ මහාධිකරණය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇයට අයත් වත්කම් තහනම් කිරීමට මීට පෙර නියෝග කර තිබුණි.​එලෙස තහනමට ලක්වූ දේපළ අතරට ජාඇල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 14 ක් වටිනා ඉඩමක්, බැංකු ගිණුම් 6 ක තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 59 ක මුදලක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි කෝටි 3 කට ආසන්න කඩකාමර 3 ක් සහ රුපියල් කෝටි 2 ක් පමණ වටිනා තෙමහල් නිවසක් සහිත ඉඩමක් ද ඇතුළත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,284

Leave A Reply

Your email address will not be published. Required fields are marked *