මත්ද්‍රව්‍ය මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය එළිදකියි

මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් විවෘත කෙරිණි. ‘එකට නැගී සිටි වසරක් – ඉවත්වෙමු මෙහෙයුමේ වසරක ඇගයුම’ සර්වාගමික සමුළුවට සමගාමීව පැවැති මෙම උත්සවයට සර්වාගමික නායකයින්, මැති ඇමතිවරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු රැසක් එක්ව සිටියහ.​දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වෙබ් අඩවිය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු තම අනන්‍යතාව හෙළි කරමින් හෝ පූර්ණ රහස්‍යභාවය සුරකිමින් ආරක්ෂක අංශ වෙත ලබාදීමට මහජනතාවට පහසුකම් සලසා ඇත. ඊට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක 1818 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබාදීමටත්, 1927 අංකය ඔස්සේ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සහ උපදේශන සේවා සඳහා යොමු කිරීමටත් අවස්ථාව පවතී.​ආරක්ෂක අංශ මඟින් සිදුකරනු ලබන වැටලීම්, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ නිල තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට දැනගැනීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,409

Leave A Reply

Your email address will not be published. Required fields are marked *