මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 859ක් අත්අඩංගුවට

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කළ හදිසි වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.​පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ගත වූ පැය 24 තුළ දිවයින පුරා සාර්ථක වැටලීම් 858ක් සිදු කර ඇති බවයි. එහිදී අයිස් ග්‍රෑම් 499ක්, හෙරොයින් ග්‍රෑම් 432ක් සහ ගංජා තොගයක් සමඟ විවිධ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.​මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමේ අරමුණින් මෙම ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,342

Leave A Reply

Your email address will not be published. Required fields are marked *