ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 ක මට්ටමේ නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පෙරේදා (21) පවත්වන ලද රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.දේශීය මෙන්ම ජාත්‍යන්තර ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි ප්‍රවණතා පිළිබඳව පුළුල් ලෙස සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.























