මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 9% දක්වා ඉහළ නංවයි

​ශ්‍රී ලංකා මහ බැංකුව සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් 8.75%ක්ව පැවති එම අනුපාතිකය 9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මහ බැංකුව නිවේදනය කළේය.​දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. විශේෂයෙන් මැදපෙරදිග ගැටුම් දීර්ඝ වීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමත්, ආහාර මිල ගණන් ඉහළ යාමත් නිසා මෙරට උද්ධමන පීඩනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *