මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට (18) වීදි සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. සතර මහා දේවාලවල කප් සිටුවීමෙන් පසු ආරම්භ වූ අභ්‍යන්තර පෙරහැර කටයුතු අවසන් වීමෙන් අනතුරුව, අගෝස්තු 23 සිට 27 දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර, අගෝස්තු 28 දින දහවල් පෙරහැරින් මෙවර ඇසළ මංගල්‍යය නිමාවට පත්වේ.මෙවර පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක අංශවල සාමාජිකයන් 8,000කට ආසන්න පිරිසක් යොදවා ඇත. ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ පොලිස් නිල සුනඛ හා අශ්වාරෝහක අංශවල සහය ද ලබා ගැනීමට නියමිතය.පෙරහැර කාල සීමාව තුළ මහනුවර නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, වාහන නැවැත්වීම සඳහා රථ ගාල් 13ක් ස්ථාපිත කර ඇත. නගරයට ඇතුළු වන ස්ථාන ආවරණය වන පරිදි මාර්ග බාධක 14ක් යොදා හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.



























