මීට පෙර බලශක්ති අර්බුදය පාලනය කිරීම සහ රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සඳහා පනවා තිබූ ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, මින් පෙර පැවති ඉන්ධන සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇති අතර, මේ හරහා අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිදහසේ ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.























