මැදපෙරදිග අර්බුදය හමුවේ ආර්ථිකය ආරක්ෂා කිරීමට රජය සූදානම් – ජනාධිපති

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මතු විය හැකි ඕනෑම ආර්ථික අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය වත්මන් රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අතීතයේ පැවැති තත්ත්වයන් මෙන් රට නැවතත් බරපතළ ආර්ථික අර්බුදයකට ඇද වැටීමට කිසිසේත්ම ඉඩ නොතබන බව පැවසූ ජනාධිපතිවරයා, මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇමරිකානු ඩොලර් මිලියන හත්දහසකට ආසන්න සංචිත ප්‍රමාණයක් පවතින බව ද පෙන්වා දුන්නේය.​ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ වසර 24කට පසුව අම්පාර, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමිනි. මෙම ව්‍යාපෘතිය මුලින්ම 1999 වසරේදී ආරම්භ කර තිබූ අතර, විවිධ හේතූන් මත 2014 වසරේ සිට මෙහි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබුණි. අම්පාර දිස්ත්‍රික්කයේ පවතින පොහොසත් සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දායාද කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු රජය මැදිහත් වී නැවත ක්‍රියාවට නංවා ඇත.​නැගෙනහිර පළාතේ සංස්කෘතික අනන්‍යතාවය ඉස්මතු කෙරෙන මෙම විශේෂ අවස්ථාව සඳහා දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය අංශයේ ද ප්‍රභූන් රැසක් සහභාගී වූහ. ඒ අතර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද වූහ.

What's your reaction?

Related Posts

1 of 1,153

Leave A Reply

Your email address will not be published. Required fields are marked *