කාලගුණික බාධා නිසා කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කල් යයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කිරීමට නියමිතව තිබූ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු තාවකාලිකව කල් දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි මෙම හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (23) උදෑසන 09.30 සිට අනිද්දා (24) උදෑසන 07.30 දක්වා ක්‍රියාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.​කෙසේ වුවද, පවතින වර්ෂාපතනය හේතුවෙන් එම කටයුතු නියමිත පරිදි සිදු කිරීමට අපහසු වී ඇති අතර, අදාළ නඩත්තු කටයුතු නැවත ආරම්භ කරන නව දින වකවානුව ඉදිරියේදී මහජනතාව වෙත නිල වශයෙන් දැනුම් දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

What's your reaction?

Related Posts

1 of 1,153

Leave A Reply

Your email address will not be published. Required fields are marked *