මෙට්‍රෝ බස් සේවාව යාපනය දක්වා ව්‍යාප්ත කිරීමට පියවර

රජය මගින් ක්‍රියාත්මක නාගරික සුඛෝපභෝගී මෙට්‍රෝ බස් සේවාව යාපනයට දීර්ඝ කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත. මෙයට අදාළව සුදුසු මාර්ග හඳුනා ගැනීම සහ තාක්ෂණික ශක්‍යතා අධ්‍යයනය සඳහා විශේෂ පෙරහුරු ධාවනයක් සහ මාර්ග පරීක්ෂාවක් ඊයේ (10) පවත්වා තිබේ.​2027 මැද භාගය වන විට යාපනයේ මෙට්‍රෝ බස් රථ ධාවනය ආරම්භ කිරීම ඉලක්කයයි. මේ යටතේ පහත් පතුල් සහිත බස් රථ ධාවනයට සුදුසු මාර්ග, නව බස් නැවතුම්පොළ සහ පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇත.​ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ බස්නාහිර පළාත ආවරණය කළ මෙම ව්‍යාපෘතියේ ඊළඟ අදියර ලෙස යාපනය සහ මහනුවර තෝරාගෙන ඇති බවයි. 2029 දක්වා වූ ජාතික සැලැස්ම යටතේ මෙය 100%ක් රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,417

Leave A Reply

Your email address will not be published. Required fields are marked *