මෙරට ඉතිහාසයේ ඉහළම විදේශ ප්‍රේෂණ වාර්තාව 2026 දී

ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයමින්, මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ (Workers’ Remittances) ප්‍රමාණය 2026 වර්ෂය අවසාන වන විට හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසයි. එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේ නිල බැංකු පද්ධතිය කෙරෙහි විදේශගත ශ්‍රමිකයන් තුළ ඇති වී තිබෙන දැඩි විශ්වාසය සහ උනන්දුව මෙම ඓතිහාසික වර්ධනයට මූලිකම හේතුව වී ඇති බවයි.​විදේශයන්හි සේවය කරන ලාංකිකයන් විසින් 2026 වසරේ ගතවූ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් මාස හතර ඇතුළත පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.06ක අතිදැවැන්ත මුදලක් මෙරටට එවා තිබේ. මෙය පසුගිය වසර කිහිපයේ වාර්තා සියල්ල මුළුමනින්ම අභිබවා යන්නක් වන අතර, මෙරටට ගලා එන විදේශ මුදල් ප්‍රමාණයේ කැපී පෙනෙන පිම්මක් ලෙසද ආර්ථික විශ්ලේෂකයෝ මෙය හඳුන්වති.​මෙලෙස විදේශ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙරට විදේශ සංචිත තවදුරටත් ශක්තිමත් වන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. එමෙන්ම මෙම තත්ත්වය දේශීය රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට සෘජුවම දායක වන අතර, සමස්ත රටේ සාර්ව ආර්ථික ක්‍රියාවලිය වඩාත් වේගවත්ව ඉදිරියට රැගෙන යාමටද මහඟු පිටුවහලක් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,160

Leave A Reply

Your email address will not be published. Required fields are marked *