යල කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරන්න යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

2026 යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව ලබාදීම සඳහා නවතම කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයක් ගොවිජන සේවා කාරක සභා මැදිහත් වීමෙන් මිලදී ගෙන බෙදාහැරීමට මෙහිදී තීරණය කෙරුණා. මෙමඟින් යල කන්නයේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ස්ථාවර මට්ටමකින් සැපයීම රජයේ අපේක්ෂාවයි.​මෙවර යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කිරීමට මුලින් ඇස්තමේන්තු කර තිබුණ ද, වත්මන් තත්ත්වයන් මත එය හෙක්ටයාර 450,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයි නැවත ගණන් බලා ඇත. ඒ වෙනුවෙන් සමස්ත යූරියා පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 75,000ක් ලෙස තක්සේරු කර තිබේ. දැනටමත් මෙරට පැවති පොහොර සංචිතවලින් මෙට්‍රික් ටොන් 48,297.87ක ප්‍රමාණයක් ගොවිජන සේවා කාරක සභා හරහා මිලදී ගෙන ගොවීන් අතර බෙදාහරිමින් පවතින බව ද වාර්තා වේ.​ගොවි ජනතාව දිරිමත් කිරීම වෙනුවෙන් කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර සහන මිලකට ලබාදීමට පසුගිය අප්‍රේල් 06 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවිය. ඒ අනුව හිඟයකින් තොරව සහ නියමිත පාලන මිලකට මෙම පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සෘජුවම ගොවීන් වෙත නිකුත් කිරීමට සියලු කටයුතු මේ වන විට ලෑස්ති කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,149

Leave A Reply

Your email address will not be published. Required fields are marked *