යාපනය සරසවි සිසු ගැටුම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි සහ තෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 19 වැනිදා රාත්‍රියේ පෞද්ගලික නේවාසිකාගාරයක් තුළ හටගත් මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර කෝපායි පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.​සිද්ධිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදු වුවද, ඒ පිළිබඳව පූර්ණ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් විමර්ශනවලට උපරිම සහය ලබා දෙන බවත් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුක්කරසු වේල්නම්පි මහතා සඳහන් කරයි. සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, විශ්වවිද්‍යාලය තුළ සාමකාමී අධ්‍යයන පරිසරයක් තහවුරු කිරීමට පරිපාලනය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,434

Leave A Reply

Your email address will not be published. Required fields are marked *