යෝෂිත රාජපක්ෂගේ අභියාචනයට නීතිපතිවරයාගෙන් විරෝධතා

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවක් ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ අභියාචනයට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබේ.​අදාළ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා අද (22) කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම විරෝධතාව අධිකරණයම හමුවේ නිල වශයෙන් මතු කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,247

Leave A Reply

Your email address will not be published. Required fields are marked *