යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් තැබේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විමර්ශනය සඳහා අගෝස්තු මස 20 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කට්ටි පහක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම මගින් මුදල් විශුද්ධීකරණය සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුකරය පවරා තිබේ.​අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අසනීප තත්ත්වයකින් පසුවන බව ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දන්වා සිටීම හේතුවෙන් නඩුව එලෙස කල් තැබුණි. එම අවස්ථාව සඳහා සාක්ෂිකරුවන් ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නඩුව යළි කැඳවන දිනයේදී අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා ඔවුන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,252

Leave A Reply

Your email address will not be published. Required fields are marked *