රංග රාජපක්ෂගේ අභිරහස් මරණය පිළිබඳ සාක්ෂි විභාගය කුලියාපිටිය අධිකරණයේදී ඇරඹේ

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටියදී මියගිය රංග රාජපක්ෂ මහතාගේ අභිරහස් මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (21) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී කැඳවනු ලැබීය. සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මෙම සිදුවීමට අදාළව, මියගිය නිලධාරියාගේ සමීපතමයන් ඇතුළු සිද්ධියට සම්බන්ධ වැදගත් පාර්ශව කිහිපයක්ම එදින සාක්ෂි ලබාදීම සඳහා අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.​මෙහිදී මියගිය රංග රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ දියණිය අධිකරණය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබාදුන් අතර, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද එදින විශේෂ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වෙමින් තමන් දන්නා කරුණු අධිකරණය හමුවේ අනාවරණය කළේය. පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ සාක්ෂි මෙහෙයවීම ඉතා දීර්ඝ ලෙස හා සූක්ෂ්ම ලෙස සිදුවූ බව වාර්තා වේ.​මෙම මරණ පරීක්ෂණයට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූනි මස 03 වැනිදා දක්වා කල් තැබීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගති වාර්තා ද ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,151

Leave A Reply

Your email address will not be published. Required fields are marked *