රඛිත, චරිත් සහ අරුණ අධිකරණයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට පනවා ඇති රඳවා ගැනීමේ නියෝගවලින් නිදහස් කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 1,200ක දැවැන්ත අල්ලසක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. මෙලෙස අධිකරණය හමුවට පමුණුවා ඇත්තේ නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ වර්ෂ විතාන යන අයයි.​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම මුදල ලබාදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරු සාමාන්‍ය සිරකරුවෙකු ලෙස වෙනත් බන්ධනාගාරයකට මාරු කරවා ගැනීමට මොවුන් කුමන්ත්‍රණය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දීර්ඝ ලෙස සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවය.​මෙම ජාවාරම පිටුපස ඇති සෙසු සබඳතා සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර, අධිකරණ නියෝග මත ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *