රඛිත රාජපක්ෂ, චරිත අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප

අපරාධකරු හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.​මෙලෙස මුදා හැර ඇත්තේ නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයයි.​ඒ අනුව, එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ඔවුන් මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ගේ විදෙස් ගමන් ද තහනම් කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *