රටේ නීතිය සැමට සමානව හා නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම්, වත්මන් පාලකයින් වහාම අදාළ පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. තමන් කිසිදු වරදක් කර නොමැති බැවින් ඕනෑම අවස්ථාවක රටේ අධිකරණ පද්ධතිය ඉදිරියට පැමිණීමට සූදානම් බව අවධාරණය කරන ඒ මහතා, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වත්මන් රජය බලයට පත්වූයේත්, මේ වන විට බලය රැකගැනීමට උත්සාහ කරන්නේත් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුලා කිරීමෙන් බවට චෝදනා කරයි.එමෙන්ම, ඩොලරයේ අගය පහත වැටී ඇති බවට රජය පාර්ශවයෙන් පුරසාරම් දෙඩුවද, මේ වන විට ඩොලරයේ අගය නැවතත් ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දෙයි. රජය විසින් ජනතාව නොමඟ යවමින් බලය රඳවා ගැනීමට දරන උත්සාහය දැඩි ලෙස විවේචනය කරන නාමල් රාජපක්ෂ මහතා, රටේ පවතින නීතිමය තත්ත්වයන් නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



























